වැලන්ටයින් සැමරුවොත් බලාගෙනයි



පාකිස්තානය වැලන්ටයින් සමරුව තහනම් කර ඇති බැවින් එම දිනය ප්‍රවර්ධනය කිරීමෙන් වළකින ලෙස පකිස්ථානු ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකාවලට එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය උපදෙස් දී ඇතැයි ජීඩී එන් වෙබ් අඩවිය පවසයි.

පාකිස්තාන තරුණ පරපුර අතර වැලන්ටයින් සමරුව ඉහළ ජනප්‍රියත්වයක් උසුලන අතර සුබ පැතුම්පත්, චොක්ලට් හා තෑගි  වැලන්ටයින් දිනයේ ආදරවන්තයින් අතර හුවමාරුවේ.

එහෙත් පාකිස්තානයේ සම්ප්‍රදායික මුස්ලිම් සමාජය පවතින බැවින් බටහිරින් ගෙනා සංස්කෘතිකාංග වලින් මිදෙන්නැයි එරට ජනාධිපති ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාකිස්තාන මහාධිකරණය විසින් ප්‍රසිද්ධ ස්ථානවල වැලන්ටයින් සැමරීම හා රාජ්‍ය නිලධාරින් විසින් එම සමරුව සිදුකිරීම තහනම් කරමින් ඉකුත් වසරේ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය සිය ට්විටර් නිල පිටුවෙහි සටහනක් තබමින් මෙම සමරුව ප්‍රවර්ධනය නොකරන්නැයි මාධ්‍යවලින් ඉල්ලා ඇත.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS