ව්‍යාපාරික සහ අයෝජන හමුවක්



කටාර් - ශ්‍රී ලංකා විශේෂ ව්‍යාපාරික සහ අයෝජන හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෝහා නගරයේ දී පැවැත්විණි.

කටාර් වාණිජ මණ්ඩලය සහ කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම හමුවට දෙරටේ ව්‍යාපාරිකයින් 150 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ වසන්ත සේනානායක යන මහත්වරුන් ද හමුව ඇමතීය.

කටාර් රාජ්‍යයේ වෙළෙද සහ ආර්ථීක කටයුතු අමාත්‍යවරයා ඇතුථ නියෝජිත පිරිසක් ද මීට එක්ව සිටියහ.

(ඡායාරූප : සුදත් සිල්වා)


RECOMMEND POSTS