ව්‍යාපාරික බ්‍රැන්සන් සවුදියේ



තාක්ෂණික සහ ආයෝජන සමුළුවක් සවුදි අරාබියේ රියාද් නුවරදී පසුගිය දා පැවැත්විණි.

බ්‍රිතාන්‍ය කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් ද එම සමුළුවට සහභාගී වූයේ සවුදි රජයේ විශේෂ ඉල්ලීමකට අනුවය.ලෝ සුපතළ වර්ජීන් සමාගමේ නිර්මාතෘ වන්නේ ද බ්‍රැන්සන්ය.

තාක්ෂණ සමුළුවේදී ඊට එක්වුණු සවුදි තරුණ තරුණියන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ද කටයුතු කළේය.

සමුළුවට සමගාමීව, බ්‍රැන්සන් සහ ඔටුන්න හිමි සල්මාන් කුමරු අතරේ හමුවක් ද පැවැත්විණි. එහිදී නව ආයෝජන අවස්ථා ඇති කර ගත් බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS