ලොව විශාලතම නිවුන් එකමුතුව ජනවාරියේ



ලොව විශාලතම නිවුන් එකමුතුව නිර්මාණය කරමින් ලබන ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංවිධානය කටයුතු යොදා තිබේ.

ඒ සඳහා වන ආරාධනා පත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වීම ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනි උපුලී ගමගේ මහත්මිය අතින් අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.

එම සංවිධානය 'ශ්‍රී ලංකා ට්වින්ස්'  යනුවෙන් නම් කරනු ලැබ ඇත.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ලබන ජනවාරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම ගිනස් වාර්තාව පිහිටුවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම නියෝජනය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වය ගෙන සිටින සංවිධානයකි.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනි උපුලී ගමගේ මහත්මියට ද නිවුන් සොයුරියක සිටින අතර එම අවස්ථාවට තවත් නිවුන් සොහොයුරු සොහොයුරියන් කිහිප දෙනෙක් සහභාගී වී සිටියහ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS