ලක්ෂ 67 ක වන්දි මුදල් දෙයි



ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංවි වී විදේශ ගත වූ පසු යම් යම් සිද්ධීන්ට මුහුණ දීම හේතුවෙන් රැකියාව අහිමි වී යළි පැමිණි ශ්‍රමිකයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 67ක වන්දි මුදල් අදිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අතින් පිරිනැමිණි.

මෙම වන්දි මුදල් පිරිනැමුණේ ශ්‍රී ලංකාවිදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුභසාධක අරමුදලේ මුදල්වලිනි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක සහන රක්ෂණ යෝජනා ක්‍රමයේ සඳහන් සිදුවීම් හා එම කාලපරිච්ජේදය තුල ආපසු පැමිණිමට සිදුවුවහොත් මෙම අදරමුදල මඟින් වන්දි හෝ  ප්‍රතිපූරණයක් ලබාගත හැකිය. ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාවක් තිබේ.

රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් ආවරණය නොවන නමුත් එවැනි සිදුවීම් යටතේ ආපසු පැමිණීමට සිදු වූ හා අභාවයට පත්වූ හා යැපෙන්නන් හට සිදුවන බරපතල අසනීප සඳහා විගමණික ශ්‍රමිකයින් හට පිළිසරණක් ලබා දීම සඳහා මෙම සේවක සුභසාධන අරමුදල ක්‍රියාත්මක වේ.

ඒ අනුව සුභසාධන අරමුදල මඟින් විගමණික ශ්‍රමිකයින් විදේශ රැකියාව අතරතුරදී සිදුවූ මරණ 12 ක් සඳහා රුපියල් 3,350,000 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 6 දෙනෙකුට රු. 850,000 ද, වශයෙන් රුපියල් 4,200,000/- මුදලක් මෙහි දී පිරිනමනු ලැබීය.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක සහන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විදේශ රැකියාව අතරතුරදී සිදුවූ මරණ 5 ක් සඳහා රුපියල් 2,500,000/-ක මුදලක් ද මෙම අවස්ථාවේදී පිරිනමන ලදි.
“විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සැළසීම වෙනුවෙන් තමන් කැපවී සිටින බවත්, විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සැළසීම සඳහා කටයුතු කරන ලෙස විදේශ රැකියා අමාත්‍යංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට නිරන්තරයෙන් උපදෙස් ලබා දී තිබෙන බවත්” මෙම වන්දි පිරිනැමීමෙන් පසු වන්දිලාභින් ඇමතූ අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ ඔබේසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය, අතිරේක සාමාන්‍යාධිකාරීනී ක්‍රිෂෝලි පෙරේරා, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්. එම් වන්සේකර, සුභසාධන අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී බී.ඩබ්.එම්.පී.කේ.ටී හෙට්ටිආරච්චි, විදේශ සම්බන්ධතා අංශයේ කළමණාකරු අශෝක පොල්ගස්දෙනිය, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න, , යන මහත්ම මහත්මීන් සහභාගී වූහග

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS