රෝහලෙන් යයි



විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය ඔවුන්ගේ අලුත උපන් පුත් කුමරු ද සමඟ රෝහලෙන් පිටව ගියහ.

‘හරිම සතුටුයි. දැන් ඉතිං වගකීම් තුන් ගුණයකින් වැඩිවුණා’ යැයි ලන්ඩනයේ ශාන්ත මේරී රෝහලෙන් පිටවී යද්දී විලියම් කුමරු රැස්ව සිටි මාධ්‍යවේදීන්ට පැවැසීය.

මාධ්‍යවේදීන් පමණක් නොව, රජ පවුලට ආදරේ කරන බ්‍රිතාන්‍ය වැසියන් සිය ගණනක් රෝහල ඉදිරිපිටට රැස්ව සිටියේ අලුත් කුමරු දැක ගැනිමේ ආසාවෙනි.

කුමරුන්ට නම් තැබීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවත් එම කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත් විලියම් කුමරු වැඩි දුරටත් කියා සිටියේය.

නව කුමරුන්ගේ උත්පත්තිය සම්බන්ධයෙන් දෙවැනි එලිසබත් මහ රැජින සහ වල්ලභයා පිලිප් කුමරු සතුට පළ කර ඇති බව බකිංහැම් මාලිගය පවසයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS