රොව්හානිට යළිත් ජනවරමක්



ඉරාන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් ජනාධිපති හසන් රොව්හානි සමත් විය.

ඒ, සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. රොව්හානි දිනාගත් ඡන්ද සංඛ්‍යාව 23,549,616 කි. ඒ අනුව තවත් සිවු වසරක් සඳහා ඉරානයේ ජනපති ධුරය හොබවනු ඇත්තේ රොව්හානිය.

රොව්හානි ජයග්‍රහණය කළ බව නිවේදනය කළේ ඉරාන අභ්‍යන්තර කටයුතු ඇමැති අබ්දොල් රේසා රහ්මානී ෆසීල් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

දෙවැනි ස්ථානයට පත් වූයේ සයියාද් ඊබ්‍රහීම් රයිසීය. ඔහු ඡන්ද 15,786,449 ක් හිමි කරගත් බව වාර්තා වේ. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 38.5 කි.

මෙවර පැවැත් වූයේ 12 වැනි ජනාධිපතිවරණයයි. ඊට සමගාමීව පළාත් පාලන මැතිවරණ ද පැවැත්විණි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS