රජ පැටියගේ නිල ඡායාරූප



බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වුණු අලුත් රජ පැටියා, ලුවී කුමරුන්ගේ නිල ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කිරීමට පියා විලියම් කුමරු සහ මව කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බ්‍රිජ් ආදිපාදවරිය කටයුතු කර තිබේ.

ලුවී කුමරු මෙම ඡායාරූපවල සිටින්නේ ඔහුගේ වැඩිමල් සොයුරු ජෝර්ජ කුමරු සහ සොයුරිය චාලට් කුමරිය සමඟය.

ලුවී කුමරු උපත ලැබුවේ මීට දින 13 කට පෙර, ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදීය. ලුවී කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි පස්වැන්නාය.

වසර 100 කට පසු රජ පවුලට උපන් බරින් වැඩිම බබා ලෙස ද ලුවී කුමරු සැළකෙයි. කුමරු උපන් අවස්ථාවේ බර කිලෝ ග්‍රෑම් 3.8 කි.

(ඩේලිමේල්)


RECOMMEND POSTS