යන්න ගිහිල්ලා



එකිනෙකා හමුවී පැවැත් වූ සාර්ථක සාකච්ඡාවලින් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඊයේ (12) රාත්‍රියේ සිංගප්පූරුවෙන් පිටවී ගියහ.

ධවල මන්දිරය වාර්තා කළේ ට්‍රම්ප්, සිංගප්පූරු වේලාවෙන් රාත්‍රී 8 ට සිංගප්පූරුවෙන් පිටත්ව යෑමට සූදානමින් සිටි බවය. උතුරු කොරියා නායකයා සිංගප්පූරුවෙන් පිටත්ව යන වේලාව ගැන පෙර දැනුම්දීමක් කර නොතිබුණි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන්, සිංගප්පූරුවට සමුදෙමින් පිටවී ගියත්, ට්‍රම්ප්ගේ නියෝජිත පිරිස සහ කිම් ජොන් උන්ගේ නියෝජිත පිරිස තව දෙදිනක් සිංගප්පූරුවේ රැඳී සිටිමින් දිගටම සාකච්ඡා පවත්වනු ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවුණු අවස්ථාවේදී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූහ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන නැවැත්වීමට කිම් ජොන් උන් කැමැත්ත පළ කළේය. කොරියා අර්ධද්වීයේ න්‍යෂ්ටික අවිහරණයට ද එකඟත්වය පළ කරමින් ගිවිසුමකට අත්සන් තැබුණි. දීර්ඝ කාලීව සාමයක් වෙනුවෙන් කැප වන බව පවසමින් පමණක් නොව, දෙරට අතරේ සිටින සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද ගිවිසුමකට අත්සන් තැබුණි.

(රොයිටර්/ඒ.එෆ්.පී)


RECOMMEND POSTS