මොසූල් බටහිර පළාත මුදා ගැනේ



මොසූල් බටහිර කොටස මුළුමනින්ම දයේෂ් තක්ෆීරී හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව ඉරාක හමුදාව කියයි.

රජයේ හමුදා විසින් මුදාගත් පළාත වර්ග කිලෝ මීටර් 14,000 කි. මෙම පළාතේ ගම්මාන 360 ක් ඇති බව ද ඉරාක හමුදාව වෙනුවෙන් දෙවැනි අණ දෙන නිලධාරී අබු මහ්දී අල් මුහන්දිස් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (9) කියා සිටියේය.

මොසූල් පළාත මුදා ගැනීමේ සටනේදී ඉරාක හමුදාවට ඉරාක රජයට පක්ෂ කුර්දි වැනි සෙසු සටන්කාමීන්ගේ ද සහාය හිමිවෙයි. එම සටන්කාමීන්ගේ පහරදීම්වලින් මියගිය දයේෂ් ත්‍රස්තයන් ප්‍රමාණය 2,000 ඉක්මවන බව ද වාර්තා වේ.

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS