මහ රැජින හමුවෙති



ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු බ්‍රිතාන්‍ය සංචාරය ආරම්භ කරමින්, ලන්ඩනයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියට අවස්ථා දෙකකදී දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමට අවස්ථාව උදා විය.

ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා එංගලන්තයේ දෙදිනක් ගත කළහ. ඒ බකිංහැම් මාලිගයේ පැවැති විශේෂ පිළිගැනීමේ උත්සවයකදී සහ රැජිනගේ වින්ඞ්සෝර් මාලිගයේදීය.

එලිසබත් මහ රැජින හමුවීමට ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කළ ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඇය හරි අපූරු තැනැත්තියක කියාය. වින්ස්ඩෝර් මාලිගයේ දී මහ රැජින සහ ට්‍රම්ප්ගේ හමුව විනාඩි 30 කට සීමා වන අයුරින් සැලැසුම් කර තිබුණ ද එය විනාඩි 48 ක් පුරාවට සිදුවිය. මහ රැජින ද ඇමෙරිකන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සුබවාදී අදහස් පළ කර ඇත.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS