බිට්කොයින් භාවිතය තහනම්



කුවේට්හි ක්‍රියාත්මකබැංකු, ලෝකයේ දැනට විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩිජිටල් මුදල් ඒකකයක් වන බිට්කොයින් භාවිතා කිරීම තහනම් කිරීමට සැළසුම් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

බිට්කොයින් මුදල් ඒකකය ගණුදෙනු සඳහා භාවිතා කිරීම ඉතා අවදානම් බව කුවේට් මහා බැංකුව විසින් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බව කුවේට් මහාබැංකුව ප්‍රකාශ කළේය.

කුවේටයේ ක්‍රියාත්මක වන විශාල බැංකු සංඛ්‍යාවක් මේ වනවිටත් බිට්කොයින් ඩිජිටල් මුදල් ඒකකය ගණුදෙනු සඳහා භාවිතා කිරීම තහනම් කර සිය බැංකු ප්‍රතිපත්ති වලටද එක්කර ගෙන ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS