බිග් බෑඞ් වුල්ෆ් කොළඹදී



බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (17) පෙරවරුවේදී පැවැත්විණි.

බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය හෙට (18) මහජනතාවට විවෘත කෙරෙන අතර ලබන (28) වැනිදා දක්වා පැවැත්වේ. උදෑසන 10ට ආරම්භ වන පොත් ප්‍රදර්ශනය රාත්‍රී 10 වන තෙක් මහජනතාවට විවෘතය. බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී.

ප්‍රදර්ශනයට ඇතුළු වීමට කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකරන අතර බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේදී සියයට 50ත් 90ත් අතර වට්ටම් පිරිනැමේ.  අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු වශයෙන් සම්පත් බැංකුවද, නිල ජංගම දුරකතන සහකරු ලෙසින් මොබිටෙල්ද, නිල ප්‍රවාහන සැපයුම්කරු ලෙසින් යූ කැබ්ද බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ වී සිටී.

සාහිත්‍ය, ඉතිහාසය, ඉංග්‍රීසි භාෂාව, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, නව යොවුන්, ළමා ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන පොත් ආදී අංශ ගණනාවක් ආවරණය කෙරෙන ලෝ ප්‍රකට පොත් ප්‍රකාශකයන් හඳුන්වාදෙන පොත් ලක්ෂ 16ක් මෙවර බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයට එක්කර තිබේ. මෙවර පොත් ප්‍රදර්ශනයට ඔග්මෙන්ටඞ් රියලිටි (augmented reality) පොත් එක් කර තිබීමද විශේෂත්වයකි. ඔග්මෙන්ටඞ් රියලිටි තාක්ෂණයෙන් සමන්විත පොත් යනු, පොතේ තිබෙන ඡායාරූප යනාදිය ජංගම දුරකතනයකින්, ටැබ්ලට් පරිගණකයක තිරයකින් බැලූ විට ත්‍රිමාණ ආකාරයට සජීවීව එම ඡායාරූප යනාදිය පාඨකයන්ට පෙන්වීමට සැලැස්වීමය.

සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ, බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් න්ග් මෙසේ සඳහන් කළාය.

“යළිත් වරක් පොත් ප්‍රදර්ශනය කොළඹ පැවැත්වීමට ලැබීම අප ලද වරප්‍රසාදයක්. ශ්‍රීලංකාවේ තුන්වැනි වතාවට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය පිළිබඳ අපි මහත් බලාපොරොත්තු තබා සිටිනවා. ශ්‍රී ලංකාවේ හැමෝගෙන්ම මේ ප්‍රදර්ශනයට සහභාගී වෙන්නැයි අපි ආරාධනා කරනවා. පහුගිය දෙවතාවේදීම මීට සහභාගී වීමට නොහැකි වූ අයට අපි විශේෂයෙන් ආරාධනා කරනවා. කියවීමටත් ඉන් දැනුම ළඟා කරගැනීමටත් ඉන් දැනුම ළඟා කරගැනීමටත් පුරුදුව සිටින පිරිසට බිග් බෑඞ් වුල්ෆ් ඉතාම හොඳ වේදිකාවක්. ඒ වගේම බිග් බෑඞ් වුල්ෆ් ප්‍රදර්ශනයෙන් තමන්ගේ මුල්ම ඉංග්‍රීසි පොත මිලදී ගත්ත කුඩා පාඨකයන් අද වෙද්දි ඉතා හොඳ පාඨකයන් බවට පත්ව සිටිනවා. මේ වසරේදී අපි අලුත් තේමාවලින් යුතු පොත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ඒ පොත් බලන්න, පොත් මිලදී ගන්න ප්‍රදර්ශනයට එන්නැයි අපි සියලු දෙනාට ආරාධනා කරනවා”.

පොත් ප්‍රදර්ශනයට සමගාමීව ‘සෙන්ටර් ඔෆ් හෝප්’ සමඟ එක්ව පාසල් සිසු සිසුවියන්ට පොත් 500ක් පරිත්‍යාග කිරීමට ද බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් කටයුතු තිබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ප්‍රජාවට ද ඊට දායක වීමෙන් පොත් ප්‍රමාණය වැඩි කිරීමට අවස්ථාව සලසා තිබේ.

පොත් ප්‍රදර්ශනයට පැමිණීමේ පහසුව උදෙසා බම්බලපිටිය බස් නැවතුම් පොළේ (කොළඹ විශාකා විද්‍යාලය අසළ) සිට බොරැල්ල බස් නැවතුම්පොළ දක්වා (ලංකා බැංකුව අසළ) නොමිලේ බස් සේවාවක්ද ආරම්භ කර ඇත. මෙම බස් සේවාව උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වේ. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS