බැග්ඩෑඩයේ නිදහස් සැමරුම්



ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය සමරමින් ශ්‍රී ලංකා ප්‍රජාව ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී නිදහස් සැමරැම් උත්සව දෙකක් ඉකුත්දා පැවැත්වූ බව ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.

මෙම උත්සව මාලාවේ පළමුවැන්න ලෙසින් ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති මේජර් ජනරාල් එන්.ඒ.රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඉකුත් 04 වැනිදා බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී ජාතික ධජය ඔසවා නිදහස් උත්සවය සමරනු ලැබිණි. ඉන්පසුව ජාතික විරැවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ද පැවැත්විණි. මීට අමතරව පැමිණ සිටි අමුත්තන් හමුවේ ජනාධිපති, අගමැති, විදේශ අමාත්‍යවරයාගේ නිදහස් දින සැමරැම් පණිවිඩ කියැවිණි.අනතුරුව පැමිණි පිරිස් වෙත තේ පැන් සංග්‍රහයක් ද පිළිගන්වනු ලැබිණි.

ඉරාකයේ පැවති ශ්‍රී ලංකා නිදහස් සැමරුමේ දෙවැන්න වන ‘ ශ්‍රී ලංකා දිනය ‘ සංස්කෘතික උත්සවය බැග්ඩෑඩයේ බැබිලෝන් හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.සම්භාවනීය අමුත්තන් 150 කගේ පමණ සහභාගීත්වයෙන් පැවති මෙයට එරට වෙසෙන රාජජ්‍යතාන්ත්‍රිකයින් ,එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ,ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ,ඉරාකයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ,සහ ලාංකිකයින් ද විණි.

ශ්‍රී ලංකා ජාතික ගීය සහ ඉරාක ජාතික ගීය වාදනය කිරීමෙන් පසුව මෙම සංස්කෘතික උත්සවය ඇරඹු අතර සාම්ප්‍රදායකි පොල්තෙල් පහන් දල්වා උත්සවය ආරම්භ කල ශ්‍රී ලංකා තානාපතිවරයා පැමිණි අමුත්තන් සියලු දෙනා පිළිගනිමින් කතාවක් පවත්වනු ලැබීය.තවද ලංකාවේ ස්වභාව සෞන්දර්යයෙන් ආකර්ශනීය ස්ථාන, ඓතිහාසික ස්ථාන වල තොරතුරු රැගත් වීඩියෝ පටයක්ද පැමිණ සිටි අමුත්තන් හමුවේ ප්‍රදර්ශනය කෙරිණි.

මීට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ‘‘ සිලොන් ටී‘‘ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්ද මෙම සැමරැම් උත්සවයේදී පැවැත්විණි.


RECOMMEND POSTS