පාස්කු දින මියගිය අය සිහිකර මිලානෝ දිව්‍ය පූජාවක්



පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර, මුස්ලිම්   අන්තවාදී විසින් එල්ල කළ බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා රෝහල් ගතව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් විශේෂ දිව්‍ය පුජාවක් 25 දා සවස 07:00 මිලානෝ  සාන්තො ස්තෙෆනෝ දේවස්ථානයෙදී , මිලානෝ අගරදගුරු අති උතුම්  මාරියෝ දෙල්පිනි හිමිපාණන්  විසින් ඉතාලි ජාතික පියතුමන්ලාද හා මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ගරු ක්ලෝඩ් වනසිංහ පියතුමන්ද ගරු සංජිව පෙරේරා පියතුමන්ලාද විසින් පැවැත්විය.

ශ්‍රිලංකික කිතුණු සංඝය විසින් සංවිධානය කළ මෙම විශේෂ දිව්‍ය පුජාවට බෞද්ධ බික්ෂුන් වහන්සේලාද වන පුජ්‍ය මහාගම විපුලසිරි හිමිද පුජ්‍ය ඔලබොඩුවේ මුදිත හිමිද    පුජ්‍ය මහමෙව්නාවේ විජයවංශ හිමිද පුජ්‍ය පෙල්ගහතන්නේ සීලවිමල හිමිද පුජ්‍ය බඩල්කුබුරේ ධම්මසිරි හිමිද පුජ්‍ය කොන්කටුවේ සුමනජොති හිමිද වැඩම කිරිම හා විශාල පිරිසක් ජාති ආගම් බෙදයෙකින් තොරව සහාබගි විම මෙහි ව්ශේෂත්වයක්.

මෙයට ශ්‍රී ලංකා මිලානෝ කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුලු කාර්ය මන්ඩලයද සහාභාගි විය.

තවද පාස්කු ඉරිදා දිනයේ වෙනුවෙන් මිලානෝ කිතුණු සංඝය විසින් සංවිධානය කළ ප්‍රාන්ස ලුර්දු දේවස්තානයෙදී පාස්කු මංගල මහා දිව්‍ය පුජාව සදහා හයදාහකට අධික පිරිසක් සහාබගි වු අතර අතිගරු නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන්   බෝම්බ පහර වලින් විපතට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා මවුබිමට සාමය අයදිමින් මෙම දිව්‍ය යාගය පැවැත්වුහ. 

Shamin Panditharathna


RECOMMEND POSTS