පාප්තුමා මියන්මාරයේ



සිවු දින සංචාරයක් සඳහා මියන්මාරයට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමන්ට මියන්මාර රජයෙන් සහ එරට වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මියන්මාරය බෞද්ධ රාජ්‍යයක් වන අතර, එහි කිතුනු ප්‍රජාව සියයට 6.2 කි. ෆ්‍රැන්සිස් පාප්තුමන් මියන්මාරයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සංචාරය ගෝලීය වශයෙන් ද ඉතා වැදගත් යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් පාප්තුමා සැපත් වූයේ මියන්මාරයේ යැංගොන් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළටය. පාප්තුමා වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යෙදවා තිබුණි. ඒ, එතුමන්ට විරෝධයක් ද එල්ලී තිබූ හෙයිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS