පාකිස්තාන ගෝති‍්‍රක වැසියන් හමුවෙති



පාකිස්තානයේ පස් දින නිල සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන් ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ කඳුකරයේ වාසය කරන කලාෂ් ගෝති‍්‍රක වැසියන් හමුවීමට ගියහ.

කලාෂ් යනු පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේ හින්දු කුෂ් කඳුකරයේ ජීවත්වන ගෝති‍්‍රත පිරිසකි. කලාෂ් ගෝති‍්‍රක වැසියෝ 3,000 ක් කඳුකරයේ කයිබර් පක්තුන්කාවා පළාතේ බුම්බොරේත්, බිරීර් සහ රුම්බූර් යන ප‍්‍රදේශවල වාසය කරති.

ඉස්ලාමාබාද් අගනුවර සිට විලියම් කේට්, විශේෂ හමුදා ආරක්ෂාවක් යටතේ, කලාෂ් වැසියන් හමුවීමට ගියේ, හෙලිකොප්ටරයකිනි. කලාෂ් වැසියන්ගෙන් සහ පාකිස්තාන ප‍්‍රාන්ත බලධාරීන්ගෙන් රාජකීය යුවලට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. කලාෂ් ගෝති‍්‍රකයන්ගේ නැටුම් ගැටුම්වලින් නැරැුඹීමට ද විලියම් කේට් යුවලට අවස්ථාව උදා විය.

කලාෂ් යනු අවට වටපිටාව සමඟ බැඳී ජීවත්වන ගෝති‍්‍රක පිරිසකි. ගස්වැල් ඇළදොළ කඳු ශිඛර ආදිය දේවත්වයෙන් සලකති. ඉස්ලාම් පාකිස්තානයේ වෙසන සුළුතර ජන කොටසක් වන්නේ කලාෂ් ගෝති‍්‍රකයන්ය.

මොවුහු ඉන්දු ආර්ය වැසියන්ගෙන් පැවැත එන පිරිසක් බව පැවැසෙයිත පිරිමි කලාෂ්වරු සාම්ප‍්‍රදායිකව හිස් වැස්මක් පලඳිති. ඒ, වර්ණවත් පිහටුවලින් හැඩ කරමිණි. කලාෂ්වරුන්ගේ අනන්‍යතාව එයයි.

කලාෂ්වරුන් සේ මේ අයුරින් හිස් වැසුමේ පිහාටු මිසර වැසියන් (පුරාණ ඊජිප්තු වැසියන්), ඇමෙරිකාවේ රතු ඉන්දියානුවන්,  ඕස්ටේ‍්‍රලියාවේ ඇබොරිජීන් ස්වදේශික වැසියෝ ද මේ අයුරින් හිසේ පිහාටු පැලදූහ. කලාෂ් වැසියන් ජීවත් වන ප‍්‍රදේශයේ වෙසෙන ඇතැම් මුස්ලිම් වැසියෝ ද හිස් වැසුමේ පිහාටු පලඳිති. මොවුන් අල්ලාහ් දෙවියන් වන්දනාමාන කරන්නේ නැත. පිහාටුවලින් සංකේතවත් වන්නේ නිදහස් අදහස් ඇති බවය.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS