පලස්තීන ජනපති ඇමෙරිකාවේ



ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි පලස්තීන ජනපති මොහොමද් අබ්බාස් සහ ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.

ඇමෙරිකා ජනපතිවරයා කළ ආරාධනයක් පිළිගනිමින් පලස්තීන ජනපතිවරයා මෙම සංචාරයේ නිරත වේ.

මැදපෙරදිග කලාපයේ දිගු කාලීන සාමයක් ඇති කිරීම වෙනුවෙන් ඉතා සුහදශීලි සාකච්ඡාවක් ට්‍රම්ප් සහ අබ්බාස් අතර පැවැත්වුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර හොඳ හිත වර්ධනය කිරීම  වෙනුවෙන් ට්‍රම්ප් පලස්තීන නායකයාට ඇරැයුම් කර තිබීම සුවිශේෂත්වයකි.

මේ අතර ඊජිප්තු ජනපති අබ්දුල් ෆහේ අල් සිසි ද ඉකුත් සෙනසුරාදා වොෂින්ටන් නුවරදී ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූයේය.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරෙනි


RECOMMEND POSTS