නිල සංචාරයකට ග්‍රීක ජනපති සෞදියේ
නිළ සංචාරයක් කිරීමේ අරමුණින් ග්‍රීක ජනාධිපති ප්‍රෝකෝපීස් පව්ලෝපොලොස් රියාද් නුවරට ලගාවු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
ග්‍රීක ජනාධිපතිවරයා කිංග් කලීඩ් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදී රියාද් කලාපයේ ආණ්ඩුකාර ෆයිසාල් කුමරු බින් බන්ඩාර් බින් අබ්දුල් අසීස් විසින් ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සදහා වානිජ සහ ආයෝජන අමාත්‍ය ආචාර්ය මජීඩ් අල්- කසාබි, සෞදියේ ග්‍රික තානාපති ඉසාම් බීමාමල් සහ සෞදි රාජ්‍යයේ ප්‍රධාන පෙලේ රාජ්‍ය නිළධාරීන් සහභාගී වී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)