නිදහස් සැමරුම සෞදියේ



ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සන්වත්සර සමරුම වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ ශ්‍රි ලංකා සංස්කෘතික සංසදය මඟින් සංවිධානය කරන ලද නිදහස් සැමරුම් උත්සවයක් පසුගිය සිකුරාදා (02) දින තානාපති ජංගම සේවාවට සමගාමීව අල් කොබාර් ගොල්ඩන් ටියුලිප් හෝටල් පරිස්‍රයේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවත්වුයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ ආරාධිත සහභාගිත්වයෙනි.

විශේෂ දේශනය තානාපති තුමන් විසින් පැවත් වු අතර තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධාන නිලධාරී ඉන්දික තිලකරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙක් මෙම අවස්තාවට සහභාගි වු අතර සන්සදයේ කාර්ය මන්ඩලය විසින් පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් හට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික උදේ ආහාර (කිරිබත් කැවුම් කොකිස් මුම් අතිරස )ආදියෙන් සන්ග්‍රහ කිරීමට දැක ගත හැකි විය.

ලලිත් ප්‍රෙමලාල්
සවුදි අරාබිය

 


RECOMMEND POSTS