නව ප්‍රවර්ධන වැඩසටහනක්



මධ්‍යධරණී කලාපෙය් රටවල සංචාරකයින් මෙරටට ගෙවන්වා ගැනීමේ අරමුණෙන් නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව ඉකුත් 6 වැනිදා සහ 7 වැනිදා ටෙල් අවීව් හි පැවැති මධ්‍යධරණී වෙළෙඳ පොළට ද එක් විය.

ඒම කලාපයට අයත් රටවල් ඇතුළු රටවල් 50ක නියෝජිතයන් සහ සභභාගී වී තිබූ මෙම  ප්‍රදර්ශනෙය්දී ශ්‍රී ලංකා කුටිය විවෘත කිරීම එරට සංචාරක අමාත්‍ය යාරීව් ලෙවින් සහ  ශ්‍රී ලංකා තානාපති පෙරියසාමි පිල්ලෙවයි සෙල්වරාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වෙයන් විවෘත කෙරැණි.

ඊශ්‍රායල සංචාරකයින් ඇතුළු මධ්‍යධරණී කලාපෙය් රටවල සංචාරකයින් ලංකාවට වැඩිපුර ගෙන්වා ගැනීමට මෙරටට සංචාරක ආකර්ශණීය ස්ථාන, සිලෝන් ටී  ප්‍රවර්ධනය කිරීමට මෙම  ප්‍රදර්ශන කුටිය හරහා පියවර ෙගන තිබිණි.

මෙම කුටිය නැරඹීම පැමිණෙන සෑම අයකුම සිලෝන් ටී තේ කෝප්පයක රස බැලීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීහු කටයුතු කළහ.

මෙම සංචරක වෙළෙඳ පොළට  ප්‍රම්‍රඛ හෝටල් ව්‍යාපාරිකයෝ වන ඒයිට්කන්ස් ස්පෙන්ස්, ඩියුලක්ස් වැකේෂන්, අමායා රිසෝට් ඇන්ඩ් ස්පා, හේලීස් ටුවර්ස් ඇතුළු සමාගම් රැසක් සහභාගී වූහ.

මේ වන විට ඊශ්‍රායල සංචාරකයෝ ලංකාවට පැමිණීෙම් වර්දනයක් පවතින අතර ඔවුන් මෙරටට පැමිණීමේදී රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වීමට දැඩි කැමැත්තක් දක්වා සිටිති.


RECOMMEND POSTS