නව නිලධාරීහු සෞදි රජු ඉදිරියේ දිවුරුම් දෙති



සෞදි රජු, සල්මන් බින් අබ්දුල් අසීස් අල්-සවුද් පත්කරන ලද නව නිලධාරී මණ්ඩලය රජු ඉදිරියේ දිවුරුම් දුන් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ අඩවිය වාර්තා කළේය. 

දිවුරුම් දීමේ උත්සවය රියාද් නුවර පිහිටි යාමම රජ මාලිගයේදි සිදු කෙරෙනු අතර  සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අගමැති හා අභ්‍යන්තර කටයුතු ඇමති මොහොමඩ් බින් නයෙෆ් බින් අබ්දුල් අසීස් අල් සවුද් සහ නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරු, වන නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක ඇමති මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද් පැමිණ සිටි සම්භාවනීය පුද්ගලයින් අතර විය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS