දිවි නසා ගන්න අය හඳුනා ගන්න ෆේස්බුක්



කෘතිම බුද්ධිය භාවිතා කරමින් සියදිවි හානිකර ගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට පියවර ගන්නා බව ෆේස්බුක් ආයතනය නිවේදනය කළේය.

Pattern Recognition තාක්ෂණය යොදාගනිමින්වෙබ් අඩවිය තුල පළකරනු ලබන ඡායාරූප, අදහස් සහ සජීවි වීඩියෝ දර්ශන මඟින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අධ්‍යයනය කර සියදිවි හානි කරගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට හැකි මෘදුකාංගයක් තම ආයතනය සතුව පවතින බවත් මෘදුකාංගය හරහා අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර අනතුරු ඇඟවීමේ ස්වභාවය මත පුහුණුවලත් උපදේශකයින්ට ක්‍රියාත්මක වී අදාල ආයතනයන්ට හැකි ඉක්මණින් දැණුම් දිය හැකි බව ෆේස්බුක් සමාගම පවසනවා.

දත්ත ප්‍රවාහයක් (Data Stream) තුල ඇති රටාවන් හඳුනාගැනීම සඳහා Pattern Recognition තාක්ෂණය යොදාගනියි.මේ සඳහා විශේෂිත වු Pattern Recognition Algorithms  භාවිතා කරනු ලබන අතර වෛද්‍ය පරියේෂණ කටයුතු, ආරක්ෂක කටයුතු,Bigdata සහ Cloud Computing වල වැදගත් අංගයක් ලෙස Pattern Recognition Algorithms හැදින්විය හැක. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS