දිරිය දියණියට නාසා සම්මානයක්



සාරා අල්බියා නම් සෞදි ශිෂ්‍යායාවක් නාසා ඉන්ටෙල් ජාත්‍යාන්තර විද්‍යා සහ ඉන්ජිනේරු ප්‍රදර්ශනයේදී පරිගණකයේ ප්‍රධාන මතකය (Random Access Memory-RAM) ආශ්‍රිතව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට පරියේෂකයින් 1,700ක් අභිබවා යමින් ඉහළ පෙලේ සම්මානයක් දිනා ගැනීමට හැකි වී ඇති බව අල්-ඇරේබියා පුවත්පත වාර්තා කළේය.

“මගේ තාත්තා මාව විශ්වාස කරපු නිසයි මේ ජයග්‍රාහනය ලබාගැනීමට හැකි වුනේ’’සාරා අල්බියා ප්‍රකාශ කළාය.

ඇය අදාල සම්මානය ලබා ගන්නා ආකාරය සහ සම්මානය සඳහා නම් කල අවස්ථාවේදි ඇය කෑගසමින් සතුටු වන ආකාරය සහ පසුව ඇය සම්මානය පිළිබඳව මෙන්ම ඇය මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව දැක්වෙන විඩියෝවක් ටුවිටර් සමාජ ජාලය වෙබ් අඩවියට සෞදි ජාතිකයින් පළ කර ඇත.

වීඩියෝව නැරඹීම සඳහා: https://www.youtube.com/watch?v=tk7Ov73rHPs

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS