දැඩි හිම පතනය ඉස්තාන්බුල් අඩපණ කරයි



තුර්කියේ ඉස්තාන්බුල් නුවර හරහා හමා හිම හිම කුණාටුව සමඟ ඇතිවුණු අධික හිම පතනය හේතුවෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර දෛනික කටයුතු මුළුමනින්ම ඇණහිටියේය.

හිම තට්ටුවලින් මාර්ග වැසී යෑමෙන් රථවාහන ගමනාගමන කටයුතුවලට බාධා විය. හිම කුණාටුවත් සමඟ සෙන්ටි මීටර් 40 ක හිම පතනයක් වාර්තා වුණැයි ද පැවැසෙයි.

ඉස්තාන්බුල් නුවර ගුවන් ගමන් කටයුතුවලට ද හිම පතනය බාධාවක් වුණු බවත්, ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැමීමට තීරණය කළ බවත් තුර්කි ගුවන් ගමන් පරිපාලන අධිකාරිය දන්වා සිටියේය.

 

(රොයිටර්)


RECOMMEND POSTS