දයේෂ් සටන්කාමීන් සාමාන්‍ය වැසියන් නිකරුනේ ඝාතනය කරනවා - එ.ජා සංවිධානය



බටහිර මොසූල් නගරයෙන් පළා යන නිරායුධ සාමාන්‍ය වැසියන්ට දයේෂ් සටන්කාමීන් නිකරුනේ වෙඩි තබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. 

මොසූල් නගරය මුදාගැනීමේ අවසන් අදියරට ඉරාක හමුදාවන් පැමිණ සිටීම නිසා ටක්ෆිරි සටන්කාමීන් පලා වන සාමාන්‍ය වැසියන් පවුල් පිටින් ඝාතනය කරන බව එක්සත් ජාතීන්ගේ මානුෂිය සහන සම්බන්ධීකාරක, ලීස් ග්‍රාන්ඩේ ඉරිදා (මැයි28) ප්‍රකාශ කළේය.  
“අපි දන්නවා දයේෂ් ත්‍රස්තයින් පළා සාමාන්‍ය වැසියන් ඝාතනය කරනවා කියලා, ඔවුන්ට ඉතා සීමිත ප්‍රමාණයක් තමයි ආහාර සහ බෙහෙත් තියෙන්නේ, බීමට ජලය සහ විදුලි බලයත් ඉතාම සීමිතයි, යුද්ධ කාලය පුරාවටම සාමාන්‍ය ජනතාව ඉතාම අවදානම් ගමනක හිටියේ, හැම පැත්තෙම්ම පීඩාවට පත්වුනා ’’ ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

පැරණි මෙසූල් නගරයේ උතුරු ප්‍රදේශයට එක්සත් ජනපද සහය ලත් සභාගය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් අවම වශයෙන් සාමාන්‍ය වැසියන් 20දෙදෙනෙකුවත් මිය ගොස් ඇති බව වාර්තා වේ. 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රේස්ටීවි පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS