තුර්කි හමුදා කටාරයට



කටාරයේ පිහිටුවා ඇති තම හමුදා කඳවුරට සෙබළ බළඇණියක් යැවීමට තුර්කි රජය තීරණය කර ඇත.

තුර්කි රජය මෙසේ තීරණය කළේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අනුමැතිය ලැබීමෙන් පසුවය. එම තීරණයට පක්ෂව ඡන්දය දුන් බොහෝ දෙනා ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ගේ පාලක පක්ෂයේ ඇමැතිවරුන්ය. 240 දෙනකු පක්ෂව ඡන්දය දී තිබුණු බව වාර්තා වේ.

ත්‍රස්තවාදයට අනුග්‍රහාය දක්වනවා යැයි චෝදනා එල්ල වීමෙන් පසු කටාර් රාජ්‍යය මේ වනවිට හුදෙකලා වී සිටී. සෞදිය, බහරේනය, ඊජිප්තුව ඇතුළු ගල්ෆ් කලාපීය රාජ්‍යයන් පමණක් නොව, තවත් රටවල් රැසක් ද කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවා ඇත.
තමන් කටාර් රාජ්‍යයට පක්ෂව සිටින බවත්, පවතින අර්බුදය විසඳා ගැනීමේදී අවශ්‍ය නම් මැදහත්කරුවකු ලෙස ක්‍රියා කරන බවත් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් පවසා ඇත.

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා යැයි සෙසු ගල්ෆ් කලාපීය රටවල් චෝදනා කළත්, තමන් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී කටාර් රාජ්‍යය විශාල මෙහෙවරක් සිදුකරන බව තමා හොඳින්ම දන්නා බවත් තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS