තුර්කි ජනපති ඉන්දියාවේ



ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.

තුර්කි ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම එරට ජනාධිපතිවරයා ද වන ප්‍රණාබ් මුඛර්ජී කටයුතු කළහ.

තමා ඉන්දීය අගමැති මෝදි සමඟ කාශ්මීර අර්බුදය ගැන සාකච්ඡා පවත්වන බවත්, කාශ්මීර අර්බුදයට සාමකාමී යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ඉන්දියාව බලා යන අවස්ථාවේදී තුර්කි ජනපතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS