තායිලන්ත මහ මැතිවරණය ඇරැඹේ



තායිලන්ත මහ මැතිවරණය අද (24) ආරම්භ විය. 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු පැවැති පළමු මහ මැතිවරණය මෙයයි.

මිලියන 50 කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන 8 ට ආරම්භ වුණු අතර සවස 5 ට අවසන් වෙයි. වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණ තරුණියෝ මහත් උනන්දුවෙන් උදෑසන සිට ඡන්ද පෝලිම්වල දකින්න ලැබුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 93,000 ක් විශේෂ ආරක්ෂාවක් ද යටතේ පිහිටුවා තිබුණු බව ද පැවැසෙයි. තායිලන්තයේ අවසන් වරට මැතිවරණයක් පැවැත් වූයේ 2011 දීය.

මැතිවරණය පැවැත් වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 ක් වෙනුවෙනි. බහුතර බලය සඳහා ආසන 251 ක් දිනා ගැනීම කළ යුතුය. තායිලන්ත ව්‍යවස්ථාවට අනුව එරට සෙනෙට් මණ්ඩලයේ ආසන 250 සඳහා නියෝජිතයන් පත් කිරීම සිදුවන්නේ හමුදාවේ මැදිහත්වීමෙනි.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS