තානාපති වෙනුවෙන් සමුදීමේ උත්සවයක්



සෞදි අරාබියේ වසර හතරකට අධ්ක කාලයක් ශ්‍රී ලංකා තානාපති ලෙස ඉමහත් සේවයක් ඉටුකරමින් නොබෝ දිනකින් මවුබිම බලා නික්මයාමට නියමිත ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මැතිතුමා වෙනුවෙන් සමුදීමේ උත්සවයක් පසුගිය 21 දින සවස 4.00 සිට දමාම් වෙන්දම් ගාඩන්  හෝටලයේදී සිදුවිය,

නැගෙනහිර පළාත “TOGETHER WE ARE BETTER (TWAB) ත්වබ් නම් මිත්‍රශීලි ශ්‍රී ලාංකික සහෝදර සංසදයවිසින් සංවිධානය කර තිබු මෙම සමුදීමේ උපහාර උළෙල සදහා තානාපති අසමි තාසිම් මහතාගේ සේවා කාලය ඇගයීම වෙනුවෙන් සමරු තිළිණයක් පිළිගැන්වීම ප්‍රධාන අරමුණ විය. ප්‍රධාන සාමාජිකයින් පහළොවකින් සැදුම් ලත් ත්වබ් සංසදයේ සභාපති මොහොමඩ් රිස්ලි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම උපහාර උත්සවයේදී සෞදි අරාබි රාජ්‍ය තුල සේවය කරන ලද සියලු තානාපති වරුන් විසින් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කරන ලද සේවාවන් ඇගයීමටලක් වුවද වත්මන් තානාපති අසමි තාසිම් මහතා විසින් කරන ලද මාහැගි සේවාව විශිෂ්ට ගනයේ සේවාවක් බවත් තම රාජකාරි කාලය තුල වැඩිම කාලයක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තම කාලය සහ ශ්‍රමය උපරිම මට්ටමින් වැය කල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ශ්‍රී ලාංකික ප්‍රජවගේ හදවත් තුල සනිටුහන් වන බව එම සංසදයේ ප්‍රධාන උපදේශකසෞදි අරාබියේ ජාත්‍යන්තර පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරන නව්ෆල් බින් මිහ්ලාර් මහතා පැවසිය.

ප්‍රධාන උපදේශක නවුෆල් මහතාගේ දේශනය

සෞදි අරාබියේ ප්‍රථම ශ්‍රී ලාංකික තානාපති ලෙස සේවය කල ගරු එම් ආර් එම් තාසිම් මහතාගේ ආදරණිය පුත්‍රයකු වන අසමි තාසිමි මහතා සෞදි අරාබියේ 13 වැනි තානාපති ලෙස වසර හතරක පමණ සේවා කාලයක් රාජකාරි කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සබදතා ශක්තිමත් කිරීමට දරු ප්‍රයත්නයන් හා කැපකිරීම් පිලිබදව විශේෂයෙන් සිහිපත් කල අතර ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ඉහල නැංවීමට ඔහු දැරූ දායකත්වය හේතුවෙන් සිවු වසරක් තුල සංචාරකයින් 5000 සිට 40.000 දක්වා වර්ධනයක් පෙන්නුම් ඇති බවද තොරතුරු වාර්තා වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සෞදි රජය මගින් සෘජු විදේශ ආයෝජන යටතේ අති විශාල මුදැල් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කිරීමත්මෙරට වෙසෙන  ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රධාන පළාත් තුනෙහි පාසල් පද්දති තුනක් සම්බන්දව වැඩ කටයුතු කිරීම සහ රාජ්‍යතාන්ත්‍රික අනුග්‍රාහකත්වය ලබාදීමත වසර ගණනාවක් පුරා නොවිසදුනු ගෘහසේවිකාවන්ගේ ගැටළු,ආරවුල්,සහ ප්‍රතිලාබ පිලිබදව ගැටළු,භාර කරුවන් ඇති හෝ නොමැති මියගිය මෘතදේහයන් ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තම නිලධාරින් සමග කටයුතු කිරීම සදහා සෞදි රජයේ අධාල අමාත්‍යංශ සමග සෘජුව සාකච්චා කර පලදායිව කටයුතු කිරීම මෙතුමා සතුව තිබු සුවිශේෂී ලක්ෂණයක් බවද ප්‍රධාන උපදේශක නවුෆල් බින් මිල්හාර් මහතා වැඩිදුරටත් පැවසිය.

අසමි තාසිම් නම්වූ මෙම සරල මිනිසාගේ මනුෂ්‍යත්වය හැකියාව කාර්යක්ෂම බව හිතයිෂි බව සහ අවංක බව හේතුකොට ගෙන මෙරට සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගැනීමට හැකිවූ බවද සදහන් කල යුතු බව සංසදය පවසයි.

මෙම අවස්ථාවට තානාපති තුමාපවසා සිටියේතව නොබෝ දිනකින් සෞදි අරාබියෙන් නික්ම යාමට නියමිත බවත්  තම සේවා කාලය තුල ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කල හැකි නොහැකි දේ බොහෝ තිබුනද තම ශ්‍රමය සහ කාලය උපරිම මට්ටමින් යෙදවීම පිලිබදව තමා සැහීමකට මෙන්ම සතුටට  පත්වන බවත් තම රාජකාරිය වෙනුවෙන් නොමසුරු සහයෝගය  සහ දායකත්වය දැක්වූ සියලු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ස්තුතිය පුද කරන බවත්ය. මෙම අවස්ථාවට සංසදයේ තවත් කිහිප දෙනෙක්ම අදහස් ප්‍රකාශ කළහ.
 
තානාපති තුමාට උපහාර තිළිණ ලබා දෙමින්
 
විශේෂයෙන්ම සමුදීමේ උත්සවය අවසානයේ තානාපති අසමි තාසිම් මහතාගේ රුචිකත්වය මත ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු වන රුඋකාන්ත ගුණතිලක විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීත කිහිපයක්ම රසවිදීමට අවස්තාව ලබාදීමෙන් පසු එතුමාගේ සංවේදීබව මොනවට පැහැදිලි විය.
 
ලලිත් ප්‍රේමලාල්
දමාම් සිට.

RECOMMEND POSTS