ඩුබායිහි නව දූපත් දෙකක්



සංචාරක කර්මාන්තය සඳහා ලෝක ප්‍රසිද්ධ ඩුබායි අගනුවරට නව දූපත් දෙකක් එකතු කර ගැනීමට එක්සත් අරාබි එමීරයේ අගමැති සහ ඩුබායි පාලකවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් නිවේදනය කළේය.

මෙම නව දූපත් දෙක   මදීනාත් ජුමෙයිරා ප්‍ර දේශයේ ස්ථාපිති කෙරේ. එක්පෝ 2020 ඉලක්ක කර ගනිමින් ඩුබායි හි ක්‍රියාත්මක ‘‘ මර්සා අල් ඇරැබ් ‘‘ සංචාරක ව්‍යාපෘතිය යටතේ මෙම නවදූපත් දෙක ස්ථාපිත වන බව ඩුබායි පාලකවරයා ප්‍රකාශ කර ඇත.

ලබන ජුනි මාසයේදී ඇරඹෙන මෙම නව දූපත් දෙකෙහි සංචාරක කර්මාන්තයට සුදුසු වන පරිදි අදාළ පහසුකම්  ඇති කිරීමේ ව්‍යෘපෘතිය 2020 දී අවසන් කිරීමට නියමිතය

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS