ඩුබායි පාලකයා ආජන්ටිනා ජනාධිපති හමුවී ...



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයා ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් සහ ආජන්ටිනියානු ජනාධිපති, මැරීසියෝ මැක්‍රි අතර සුහද හමුවක් ඩුබායි නුවර පිහිටි සබීල්මාලිගයේ දී පැවැත්වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ෂේක් මොහොමඩ් සහආජන්ටිනා ජනාධිපති, රටවල් දෙක අතර සහයෝගිතාව වර්ධනය කිරීමේදි ඇතිවන වන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

එමිරේට්ස් ගුවන් සමාගමේ සෘජු ගුවන් ගමන් දෙරටේ අගනුවරවල් සම්බන්ධ කරමින් ආරම්භ කිරීම, සංස්කෘතික, සංචාරක සහ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමට නායකයින් දෙදෙනා සාකච්ඡා කළ බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටීම බටහිර හා නැගෙනහිර එකට එකතු කිරීමට හැකි උපාය මාර්ගික ස්ථානයක පිහිටා ඇති බැවින්ලෝකයේ විවිධ සංස්කෘතීන් සහ ශිෂ්ටාචාර සඳහා හොඳ වේදිකාවක් නිර්මාණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සඳහන් කළේය.

ආජන්ටිනියානු නායක එක්ස්පෝ 2020 සමුළුවට සහභාගීවන බව තහවුරු කල අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොදුවේ ලබාදීඇති ඉහළ මට්ටමේ යටිතල පහසුකම් පිළිබදව  ප්‍රශංසා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)

 


RECOMMEND POSTS