ටෙල් අවීව් නිදහස් සැමරුම



ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එහි ජීවත් වන ශ්‍රී ලංකා ප්‍රජාව එක්ව 70 වැනි නිදහස් සැමරුම මහත් උත්සවශ්‍රීයෙන් සැමරෑ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

⁣ටෙල්අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී  ඉකුත් 04 වැනිදා එරට ශ්‍රී ලංකා තානාපති පී.පී සෙල්වරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික කොඩිය ඔසවමින්, සැමැරුම් උත්සවය පැවැත්වුණු අතරශ්‍රී ලංකා ජාතික ධජය එසවීමත්, ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කීරීමත් එහිදී සිදුවිය.

සැමරුමට රැස්වුණු පිරිස, රටට ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් සිහි කරමින් විනාඩ් දෙකක නිශ්ශබ්දතාවය පළ කිරීමට අමතක නොකළේය.

එම අවස්ථාවේදී නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ ,විදේශ අමාත්‍ය තිලක් මාරපන මහත්වරුන්ගේ  පණිවුඩ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඉදිරිපත් කරන ලදී.

ඉන්පසුවපශ්‍රී ලංකා තානාපතිවරයා එම අවස්ථාවට රක්ව සිටි මෙරට ප්‍රජාව සහ එරට නියෝජිති පිරිස්  ඇමැතුවේය.නිදහස් සැමරුම අවසානයේ ලාංකික රස මසවුළු සහිත සංග්‍රහයක්ද, දේශීය අභිමානය ඔප් නැංවෙන ගායනා කීරීම් ද සිදුවිණි.

ශ්‍රී ලංකාවත් , ඊශ්‍රායලය අතර ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීම නිරන්තරයෙන් සිදු වෙනවා. වෙළෙඳ, ආර්ථික සහ ක්ෂේත්‍ර ගණනාවක් හරහා එම කටයුතු සබදතා පැවැත්වේ.


RECOMMEND POSTS