ට්‍රම්ප් ඊශ්‍රායලයේ



මැදපෙරදිග සංචාරයේ දෙවැනි අදියර ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ඇතුළු පිරිස ඊශ්‍රායලය බලා පැමිණියහ.

ට්‍රම්ප් සහ පිරිස රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය ටෙල් අවීව් නුවර ‘බෙන් ගුරියොන්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑවේ අධි ආරක්ෂාවක් යටතේය.

ට්‍රම්ප් සහ බිරිඳ මිලානියා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිය ඇතුළු ඊශ්‍රායල රජයේ නියෝජිතයෝ ගුවන් තොටුපොළට පැමිණ සිටියාහ.

ඊශ්‍රායල අගමැතිවරයා, ට්‍රම්ප් පිළිගනිමින් විශේෂ පිළිගැනීමේ කතාවක් ද පැවැත් වූයේය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS