ජෙඩා නුවරත් වෙසක් සැමරුම්



සම්බුදු තෙමගුල වෙනුවෙන් වෙසක් පෝදින සැමරුම් උත්සවයක් ඉකුත් පෝදා සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේදී පැවැත්විණි.

සීල සමාදන් වැඩසටහනකින් ආරම්භ වූ පිංකම් මාලාවට අමතරව අෂ්ඨපාන ගිලන්පස පූජාවක් සහ ජෙඩා නුවර වෙසෙන ලාංකික දරුවන් ගේ සහභාගීත්වයෙන් කෙටි ආහාර පාන දන්සැලක්  සහ ලාංකික ශ්‍රමිකයින් ගේ දායකත්වයෙන් බත් දන්සැලක් හා රස කැවිලි සහ බීම දන්සැලක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මෙම වෙසක් දින සැමරැම් උත්සවයේදී ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විසින් ඒ.ඩබ්ලිව්.ඒ සලාම් මහතා විසින් සම්බුදු තෙමගුල සමාජමය වටිනාකම් පිළිබද කෙටි අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

ඉන් අනතුරුව එදින රාත්‍රිෙය්දී පර්ල් ෂයින් සංගීත කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් බැති ගී ප්‍රසංගයක් පැවැත්විණි.


RECOMMEND POSTS