ජෙඩා නුවරත් අවුරුදු සැමරේ



සෞදි අරාබියේ ජෙඩා නුවර වෙසෙන ලාංකික ශ්‍රමිකයින් 400 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන්  සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සැමරූ බව ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල පරිශ්‍රයේ ඉකුත්දා 20 වැනිදා මෙම අවුරුදු උත්සවයේ මව්බිමෙන් ඈත දස දහස් ගණනින් එහා වෙසෙන ලාංකිකයින්ට අපේකම දැන්වීම අරමුණෙන් සම්ප්‍රදායික පොල්තල් පහන දල්වා උත්සවය ආරම්භ කළ අතර ඊට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්    (කම්කරු) සුබෙයිර්  , පළමු ලේකම් (රැකියා සහ සුබසාධන) ජේ.ඒ.ඩී.පී මංජුල, යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී සහභාගී වූ පිරිස් සදහා අවුරුදු රස කැවිලි බෙදා දීමදක්ද  සිදු කෙරිණි.

සහභාගී වූ ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් අවුරුදු ජන ක්‍රීඩා රැසක්ද පැවැත්වීමෙන් පසුව පර්ල් ෂයින් සංගීත කණ්ඩායම මෙහෙයවූ සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට සංවිධායක මඩුල්ල පියවර ගෙන තිබිණි.


RECOMMEND POSTS