ජී 20 හැඩ කළ ආර්යාවෝ



ලොව ආර්ථික බලවත් රටවල නායක හවුල හෙවත් ‘ජී20’ සමුළුව ඊයේ (30) ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ විය. සමුළුව අද (1) අවසන් වෙයි.

ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරට ජගත් නායකයෙන් පැමිණ සිටියේ තනිවම නොවෙයි. ජනපති ආර්යාවන් ද ඔවුන් සමඟ පැමිණ සිටි අතර, ඒ සැම උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ආජන්ටිනා ජනාධිපති ආර්යා ජුලියානා අවාදේ විසිනි.

ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලානියා ට‍්‍රම්ප්, ප‍්‍රංශ ජනාධිපති ආර්යාව බි‍්‍රජෙත් ත්‍රොග්නෝව්, කැනඩා අගමැති බිරිඳ සෝෆි, චීන ජනපති ආර්යාව පෙංග් ලියුඇන්, යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඞ් ටක්ස්ගේ බිරිඳ මැල්ගොර්සාටා, දකුණු කොරියා ජනාධිපති ආර්යාව කිම් ජොන් සූක්, සිංගප්පූරු ජනාධිපති ආර්යා හෝ චිංග්, තුර්කි ජනාධිපති ආර්යා ඉමේනී එර්දෝගාන්, ජපාන අගමැති බිරිඳ අකෙයි අබේ සහ ඉන්දුනීසියානු උප ජනාධිපති බිරිඳ මුෆිදා කල්ලා ආජන්ටිනා ජනපති ආර්යාව ජුලියානා අවාදේ සමඟ සමරු ඡුායාරූපයකට පවා එක් වූහ. ඒ, බුවර්නෝස් අයර්ස් අගනුවර පිහිටි විලා කොම්පෝ කෞතුකාගාරය නැරැුඹීමට ගිය අවස්ථාවේදීය.

මෙලානියා (48) සහ ජුලියානා අවාදේ (44) එකිනෙකා හමුවුණු පළමු අවස්ථාව මෙය විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අවස්ථාවේදී මෙලානියා සැරැසී සිටියේ ඇමෙරිකන් ඩොලර් 4,900 ක් වටිනා මල් ගවුමකින් කියාය. අවාදේ සුදු පැහැති මැක්සි ගවුමකින් සැරැසී සිටියාය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරන ට‍්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ සැමියා ජෙරාඩ් කුෂ්නර් ද බුවර්නෝස් අයර්ස් හි සමුළුවට පැමණ සිටියහ.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS