ජිනීවා ගැන ඕමානයේදී කතා



දැනට ජීනීවා හී ආරම්භ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සභාවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය , මැසඩෝනියාව සහ මොන්ටීග්‍රෝ යන රටවල් 4 ක් විසින් , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී  පැවැත්විණි.

ඉකුත් 14 දා මස්කට් නුවර පැවති  'ජගත්  ශ්‍රී ලාංකීය එකමුතුව' විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහභාගී විණි.

ඕමානයේ වෙසෙන ලාංකිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුව ඇමතූ ආචාර්ට නාලක ගොඩහේවා මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මෙම ඒකාබද්ධ නිවේදනය ගැන දැඩි අප්‍රසාදය පළ කර සිටින බවය . මෙමගින් ජාත්‍යන්තරය  ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට දිගින් දිගටම ඇඟිලි ගසනා බවට මෙම ඒකාබද්ධ නිවේදනය කදිම උදාහරණයක් යැයිද හෙතෙම කියා සිටියේය.

' ශ්‍රී ලංකාවේ නව රජය 2015 සිට ජාතික සංහිදියාව හා සාමය වෙනුවෙන් වූ ප්‍රමුඛතා සැලස්මට අදාල තීරණ ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නිරත්තරයෙන් සම්බන්ධවී කටයුතු කිරීම ගැන තමුන් සතුටුවන බවත්, අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටවීම ගැන ප්‍රසංශා කරන අතර හමුදාවන්ට අයත් තව තවත් ඉඩම් සිවිල් වැසියන්ට ලබා දීම වේගවත් කිරීමට නව රජයේ ඇති කැපවීම අගය කරන බවත් මේ නිවේදනයේ කියැවිණි.

කෙසේ වෙතත් රජය විසින් යුද්ධය සමයේ හානි වූවන්ට වන්දි ගෙවීමේ කාර්යාලයක්ද වහාම පිහිට වියයුතු බව එහි තවදුරටත් කියැවිණි.

 

එසේම 2015 සම්මත වූ 30/1 ජිනීවා යොජනාවට අනුව සුලු ජාතීන් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලියක් තහවුරු කිරීමටත්, ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීමටත් නව රජය පොරොන්දු වූ බව මතක් කරන අතරහ මේ රටවල් ශ්‍රී ලංකාව තුල ව්‍යවස්ථා වෙනසක් හරහා බලය විමධ්‍යගත කිරීම කඩිනමින්ම කල යුතු බව අවධාරණය කොට තිබේ.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙන්නේ වෙනත් ස්වෛරී රටක් සම්බන්ධයෙන් නම් මෙසේ ඇඟිලි ගසන්නට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවත් ,  ලංකාව සම අනුග්‍රාහකත්වය දුන් 30/1 ජිනීවා යෝජනාව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරණ ලද්දක් බවද ආචාර්ය ගොඩහේවා මහතා ලාංකික ප්‍රජාව හමුවේ කියා සිටියේය.

ඇමෙරිකාව ඔවුන්ගේ රණ විරුවන් සම්බන්ධයෙන් නම් අනුගමනය කරන්නේ මීට හාත් පසින්ම වෙනස් පිලිවෙතක් බවත් ,  ජාත්‍යතරය යැයි කියා ගන්නා බටහිර රටවල් කිහිපයක උපදෙස් මත රට පාලනය කරන්නට උත්සාහ කරන  ලංකාවේ වත්මන් යහපාලන රජයේ නිවට නියාලු හැසිරීම වටහා ගැනීමට මීටත් වඩා උදාහරණ අවශ්‍යද කියා ආචාර්ය ගොඩහේවා මහතා රැස්ව සිටි පිරිස හමුවේ පැහැදිලි කර සිටියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS