ගුවන් වාර අඩුකිරීමට කිසිදු සැළසුමක් නෑ: එටිහාඩ් කියයි



ඇමරිකා එක්සත් ජනපදයට යන සහ එන එටිහාඩ් ගුවන් ගමන් වල සැලකිය යුතු  ආකාරයකින් අඩුවීමක් පසුගිය සති කීපයේදි සිදු වී නොමැති එටිහාඩ් ගුවන් සමාගම ප්‍රකාශ කළේය. 

“අපගේ ඉල්ලුම එකම විදිහට තාම පවතිනවා,  අබුඩාබි සහ එක්සත් ජනපද ගමනාන්ත 6ක් සමඟ සතියකට ගුවන් ගමන් 45 ක්‍රියාත්මක කරන බවත්  නිව්යෝක්, වොෂින්ටන්, චිකාගෝ, සැන් ෆ්රැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස් හා ඩලස් එම ගමනාන්තයන් වන බව එටිහාඩ් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේය. 

ජුනි පළමු වැනිදා සිට අබුඩාබි සිට නිව්යෝක් දක්වා දිනකට ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ගුවන් ගමන් වාර වැඩිකිරීම තුලින් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදයට අප දක්වන දායකත්වය බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS