ගල්ෆ් ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්



නිල සංචාරයක් සඳහා ජෝර්දාන් රජු කුවේට් රාජ්‍යයට පැමිණි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් අමීර්, ෂයික් සබාඅල්-අහමඩ්අල්-ජබීර්අල්-සබා ජෝර්දානයේ දෙවන රජු අබ්දුල්ලාව ඉතා උණුසුම් ආකාරයෙන් දස්මන් මාළිගයේදී පිළිගත් බව වාර්තාවේ.

පිළිගැනීමේ උත්සව අවස්ථාවට ඔටුන්නහිමිකුමරු,ෂයික්නවාෆ්අල්-අහමඩ්අල්-ජබීර්අල්-සබාසහභාගි වී ඇත.

දෙරට අතර පැවති සාකච්ඡාවේ දි, ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන වර්තමාන ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සොයා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් බව කුවේටය සහ ජොර්දානය අවධාරණය කරන ලදී. 

නායකයින් දෙදෙනා ගල්ෆ් කලාපයේ එකමුතුභාවය සහ කලාපීය මෙන්ම අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කල බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

වසර දෙකක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අසුනක් හිමි වීම සම්බන්ධයෙන් ජෝර්දාන් රජු කුවේට් රාජ්‍යයට සිය සුභ පැතුම් පිරිනැමීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS