කෙළින්ම ගුවන් ගමන්



කටාර්හි දෝහා නුවර සිට බොස්නියා සහ හෙර්සෙගොවීනියාවේ අගනුවර වන සරයේවෝ බලා සෘජු ගුවන් ගමන් පළමු වරට ආරම්භ කරනවා යැයි කටාර් ගුවන් සේවය කියයි.

සරයේවෝ දක්වා පළමු ගුවන් ගමන ඊයේ (31) සිදුවුණු බව ද පෙනින්සියුලා පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සරයේවෝ බලා පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයේ මගීන්ට සහ කාර්ය මණ්ඩලයට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඒ වනුවෙන් ජල කාල තුවක්කු උත්තමාචාරයක් ද පැවැත්විණි.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS