කුවේටයේ විලාසිතා සතිය



විලාසිතා යනු මැදපෙදරදිගට ඉතාම නුහුරු නුපුරුදු දෙයක්.දැඩි ඉස්ලාම් භක්තික පාලන රටාවකට හිමිකම් කියන කුවේටය සාම්ප්‍රදායික සිතිවිලි වලින් ඔබ්බට ගොසින් අපූරු විලාසිතා නිර්මාණ ප්‍රදර්ශනයක් ඉකුත්දා පැවත් වූයේය.

කුවේට් ජාතික විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ජාත්‍යන්තර විලාසිතා නිර්මාණකරැවන් 20 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 වැනිදා කුවේට් සිටි අගනුවරදී ඇරඹි කුවේට් විලාසිතා සතිය අවසන් වූයේ 11 දිනයේදීය.

මැදපෙරදිග හුරු පුරුදු හිජාබ්,අබායා විලාසිතා වලට ගැලපෙන පරිදී නවීනත්වය මුසු කරමින් නව විලාසිතා රැසක් මෙහිදී හඳුන්වා දී තිබිණි.

කුවේට් ජාතික විලාසිතා නිර්මාණකරැවන් වන ෆයිසා අන්ට්‍රි බූසාර් ,ෆාතිමා සහරා ඉද්‍රිසි ,ආලා නාජ්ඩ් , රෙනාටා හුආට්  ,කරීම් අක්රවුෆ් ,හාඩි කට්‍රා ගේ සුවිශේෂී නිර්මාණද ,මෙරොක්කෝ .ඇල්ජීරියා  සහ ලෙබනනයේ විලාසිතා නිර්මාණ ශිල්පීන් හා ඉතාලිය ,ප්‍රංශය ,ජර්මනියේ විලාසිතා නිර්මාණ ශිල්පීන් මෙම කුවේට් විලාසිතා සතියට නිර්මාණ ඉදිරිපත් කළහ.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)

 


RECOMMEND POSTS