කුමරුගේ සම්බන්ධයක් නැහැ



රියාද්හිදීය (රොයිටර්)

මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි එරට නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

ජමාල් කශොග්ජි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක් කෙරුණු අතර ඊට සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් සම්බන්ධ යැයි චෝදනා එල්ල විය. මාධ්‍යවේදී කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර හෙතෙම පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පැවැත්වීය. සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි වාර්තා සඳහන් කරයි.

 


RECOMMEND POSTS