කියුබා අනතුර: දින දෙකක ශෝක කාලයක්



කියුබාවේ හවානා නුවර ප්‍රධාන ගුවන් තොටුපොළට නුදුරින් සිදුවුණු ගුවන් අනතුරින් 100 දෙනක් ජීවිතක්ෂයට පත් වුහ.

කියුබා ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුර ලෙස මෙය සැළකෙයි. ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවත් කියුබා රජය පවසා ඇත.

බරපතළ තුවාල ලැබූ කාන්තාවෝ දෙදෙනකු සුන්බුන් අතරින් මුදා ගැනීමට සහන සේවකයන් සහ ගිනි නිවන භටයෝ සමත් වූහ.

කඩා වැටුණේ බෝයිං 737 වර්ගයේ යානයකි. යානයේ 104 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 6 දෙනකු නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් යැයි පැවැසෙයි.

යානය හවානා ගුවන් තොටුපොළෙන් පිටත් වී මිනිත්තු කිහිපයකින් කඩා වැටී ඇත. යානය කියුබාව අසලින් පිහිටි හොලොගුවින් දූපත බලා පියාසර කරමින් තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS