කැරට් 18 ක් වටිනා පරිගණකය



ස්විස්ටර්ලන්ත සමාගමක් වන ප්‍රයිම් කොම්පියුටර් ඉන්කෝපරේෂන් සමාගම කැරට් 18 කින් යුත් රත්‍රං පරිගණකයක් ඩුබායි වෙළඳ පොලට නිකුත් කර ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

සීමිත පරිගණක සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර එක් පරිගණකයක වටිනාකම එමිරේට්ස් ඩිරාම් මිලියන 4ක් (ඇ:ඩෝ මිලියනයක්) බව වාර්තා වේ.

ඉන්ටෙල් Core i5processor, 32GB RAM සහ5TB HDDපරිගණකය සමන්විත වන අතර එයට වින්ඩෝස් 10 හෝ ලිනකස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කර ගත හැකිය.

කැරට් 18 රත්‍රං කිලෝ 7 ක් පමණ අඩංගු කර පරිගණකයේ පිටත ආවරණය නිර්මාණය කර ඇත.

පරිගණකයක් මිලදී ගන්නා පරිභෝගකයින්ට වසර පහක වගකීම් කාලයක් හිමි වන බව ප්‍රයිම් කොම්පියුටර් ඉන්කෝපරේෂන් සමාගම ප්‍රකාශ කළේය.  

“පරිභෝගිකයින් අපෙන් ඇහුවා මේ වගේ පරිගණකයක් නිර්මාණය කරන්නේ නැත්තේ කියලා, අපිව ධෛර්‍යමත් කළ නිසා අපි හොඳම උත්තරයක් දැන් දීලා තියනවා, පරිගණකය නිෂ්පාදනය කළේ ස්විසටර්ලන්තය තුල පිහිටා තිබෙන අපගේ නිෂ්පාදනාගාරයේදි’’ යනුවෙන්ප්‍රයිම් කොම්පියුටර් ඉන්කෝපරේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජෝසිප් සනික්  ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS