කල්පාන්තයේ සිහිනයක් සෞදි අරාබියේ



ප්‍රථම වරට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සෞදි අරාබියේදී නැරබීමට අවස්තාව ලබාදීමට රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු යොදා ඇත.

සෞදි රජය විසින් ප්‍රථම වරට සිනමා ශාලා සදහා අවසර දීම මගින් මේ වනවිටත් විවිද ප්‍රදේශ වල සිනමා ශාලා කිහිපයක්ම ආරම්භ කර ඇති අතර ඒ අනුව රියාද් පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය මගින්ද “FILM FASTIVAL” නමින් රටවල් එකොළහකට අයත් චිත්‍රපට සමගින්  සිනමා උළෙලක් ඉන්දියානු තානාපති කාර්යාල පරිශ්‍රය තුල දින කිහිපයක් පුරා පවත්වනු ලබයි.

ඒ අනුව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පුර්ණ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍රපටයක් වන “කල්පාන්තයේ සිහිනයක්” චිත්‍රපටය මෙම මස 14 සෙනසුරාදා සවස 6.00 සිට ඉන්දියානු තානාපති කාර්යාල පරිශ්‍රය තුල ප්‍රදර්ශනය කිරීමට නියමිත බව රියාද් තානාපති කාර්යාලය පවසයි.

කල්පාන්තයේ සිහිනය චිත්‍රපටය කිසිදු අයකිරීමකින් තොරව ඕනෑම අයෙකුට නැරබීමට අවස්තාව සලසා ඇති බවද පවසයි.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබිය.


RECOMMEND POSTS