කඩිනමින් වන්දි දෙන්න ගිවිසුමක්



සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වුවහොත්, ඔවුන්ගේ පවුලේ යැපෙන්නන්ට කඩිනමින් වන්දි  ලබා ගැනීමට එරට නීති ආයතනයක් සමඟ නව ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම නව ගිවිසුම්ගත වීම හරහා තෙවැනි පාර්ශවයක නොසැලකිලිමත්කම හේතුවෙන් මරණයට පත්වූ ශ්‍රී ලාංකිකයින්ගේ යැපෙන්නන්ට මරණ වන්දි නඩු කඩිනමින් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

එමෙන්ම සෞදි අරාබියේදී මිනී මැරුම් නඩුවලට අදාළව ලේ වන්දි පැන නගින  ලාංකිකයන් සම්බන්ධයෙන් ද මෙම ගිවිසුම යටතේ කටයුතු කෙරෙන අතර, ඊට අදාළ නඩු කටයුතු කඩිනම් කිරීමට ද ගිවිසුම යටතේ පියවර ගැනෙනු ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමඟ, අගතියට පත් පාර්ශවයන්ට කඩිනමින් යුක්තිය ඉටු කර ගැනීමත් , එම වන්දි නඩු විසඳීමේ ප්‍රමාදයන් වළක්වා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අගතියට පත් පාර්ශ්වයන්ට කඩිනමින් යුක්තිය ඉටු කිරීමට ප්‍රයෝජනවත් වන බවද  සඳහා විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අබ්දුල් වහීඞ් අබ්දුල් සලාම් මහතා සහ සෞදි අරාබියේ නීති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS