කටාර් ගැඹුරු මූද කැළඹිලා



ගැඹුරු මුහුදේ කැළඹිලිකාරි ස්වභාවයක් ඇති විය හැකි  බැවින් අද (16) සිට විසි වැනිදා දක්වා කාළය තුළ මුහුදු සීමාවෙ අවට රැදී සිිටීමෙන් වළකින්නැයි කටාර් රාජ්‍යය එරට වැසියන්ට නිවේදනය කර තිබේ.  

කටාර් හි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම කාලගූණ වාර්තාව පදනම්  කරගෙන මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. 

ගැඹුරු මුහුදේ ඇති වන කැළඹිලි කාරී ස්වභාවය නිසා සුළගේ වේගය වර්ධනය වන අතර මුහුදු ජල මට්ටම ඉහළ යාමත් ගොඩබිම් දෙසට රළු සුළං හමා එන බවටත් කාළගුණ අනාවැකිය මඟින් අනුරු අඟවා ඇත.

අදසවස්කාලයේ උතුරු හා බටහිර දිගින් හමනා සුළෙඟ් වේගය දැඩිවන අතර රාත‍්‍රිකාලයේ දී එම තත්ත්වය තව  තවත් වර්ධනය වන බැවින් ආරක්ෂාකාරී වන ලෙස ද එම නිවේදනය මඟින් දන්වා ඇත.

ඉරිදා හා ස`දුදා වන විට මුහුදු සුළං සමඟ ගොඩබිම තූල දුවිලි වළාවන් ද ඇතිවන අතර මුහුදු ජල මට්ටම අඩි 12ක් 14න් පමණ ඉහළ යනු ඇතැයි අපේකෂා කරන බවද ඉදිරි කාලය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පමණ තෙක් ඉහළ  යා හැකි බවද කාලගුණ අංශ පෙන්වා දී ඇත.

 

විනීතා එම් ගමගේ   
 

 


RECOMMEND POSTS