කටාර් අගමැති බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හමු වේ



කටාර් අගමැති, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂයික් අබ්දුල්ලා බින් නසීර් බින් කලීෆා අල්-තානි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හමුවූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ලන්ඩන් නුවර පිහිටි විදේශ ලේකම් නිවසේදී හමුවීම සිදුවිය. 

හමුවට සමගාමීව කටාර්-එක්සත් රාජධානි ව්‍යාපාරික හමුවක් ලන්ඩන් නුවර සහ බර්මින්හැම් වලදී පවත්වන ලදී. 

ද්විපාර්ශවීය සබදතාවයන් වර්ධනය කරගන්නා ආකාරය සහ පොදු අවශ්‍යතාවයන් වලදි එකිනෙකා අතර හොද හිත වර්ධනය කරගැනීම පිළිබදව හමුවේදි සාකච්ඡාවට ලක්වු බව කටාර් පුවත් සේවය වාර්තා කලේය. 

කලාපීය සහ අන්තර්ජාතික ප්‍රශ්න කීපයක් පිළිබදව සමාලෝචනයක්ද සිදුවූ බව වාර්තා වේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS