ඕමානයේ රාජකීය පොලීසියේ ප්‍රධාන තනතුරකට ප්‍රථම වරට කාන්තාවක් !




ගල්ෆ් නිව්ස ඇසුරෙනි...

ඕමාන රාජකීය පොලීසියට අයත් පොලිස් ස්ථානයක ප්‍රධානියෙකු වශයෙන්  ප්‍රථමවරට එරට පොලිස් කාන්තාවක් පත් කර ඇත.

මෙලෙස එරට රාජකීය පොලීසියේ ප්‍රදාන තනතුරකට පත්වීම ලැබ ඇත්තේ ලුතිනන් කර්නල් ෂෙයිකා බින්ත් අසූර් අල් හම්බසියාහ්  නැමැති පොලිස් නිලධාරිනියයි.ඇය මස්කට් අගනුවර වටායාහ් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිනිය වශයෙන් පත්වීම් ලබා  තිබේ.

මෙම තනතුරක් ලබා දීමෙන් තමා මෙන්ම ඕමානයේ රාජකීය පොලීසියේ සේවය කරන සියලුම පොලිස් කාන්තාවන් දිරිගැන්වීමක් හා ආඩම්බරයට පත්වනු ඇති බවත් ,එමඟින් සියලුම පොලිස් කාන්තාවන් සිය රටවෙනුවෙන් උපරිම කැපවීමක් සිදු කරනු ඇතැයි ද ලුතිනන් කර්නල් ෂෙයිකා සිය පත්වීම පිළිබඳ අදහස් දක්වමින්  කියා සිටී.

එසේම මෙවැනි සාර්ථකත්වයක් හා ජයග්‍රහණයක් මැද වෙනුවෙන් විවිධ අපහසුතා මැද සිය ස්වාමිපුරැෂයා ඇතුළු පවුලේ සැම ලබා දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකි බවද ඇය කියා සිටින්නීය.

1990 වසරේදී එරට රාජකීය පොලීසියට එක්වී ඇති ලුතිනන් කර්නල් ෂෙයිකා  පසුව එරට මහජන ආරක්ෂාව සහ විමර්ශනය සඳහා වන කාර්ය සාධක බලකාය යටතේ කටයුතු කළාය.

 

 තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS